මහා පරිමාණයෙන් සිදුකරගෙන ගිය වන විනාශය
බුත්තල පොලිස් බලප්‍රදේශයේ වන්දම රක්ෂිතයේ කලක පටන් සිදුකරගෙන ගිය මහා පරිමාණ වන විනාශයක් වැටලීමට බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමත් වුණා.
විවිධ වන සතුන් ජීවත්වන පරිසර පද්ධතියක අක්කර ගණනක් කපා දමා අවසන් වනතුරු ප්‍රදේශයේ කිසිදු බලධාරින්ගේ අවධානය යොමු වී තිබූ බවයි අප වාර්තාකරු පැවසුවේ.
වන විනාශය සිදු කළ ස්ථානයෙන් ඒ සඳහා උපයෝගී කරගත් යන්ත්‍ර දෙකක් විශේෂ කාර්ය බලකා නිලධාරීන් භාරයට ගනු ලැබූ අතර, වනාන්තර එළිකරමින් සිටි පුද්ගලයෙකු ද අත්අඩංගුවට පත්ව තිබෙනවා.
ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් විසින් මෙම වන විනාශය සිදුකරගෙන ගොස් ඇති බවට වාර්තා වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීණ් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
මේ අතර කාත්තන්කුඩි ප්‍රදේශයේ දීර්ඝ කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මඩකලපුව දිස්ත්‍රික් අපරාධ විමර්ශන අංශය සමත් වී තිබෙනවා.
ඔවුන් සතුව තිබී කේරල ගංජා කිලෝ 2 ක්ද ජාවාරම් සඳහා යොදා ගත් බව කියන ත්‍රිරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අගලවත්ත කැකුලන්දල ප්‍රදේශයේ සිදුකළ හදිසි රථවාහන පරීක්ෂා කිරීමකදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 100 ක් ළඟ තාබගෙන සිටි 23 හැවිරිදි වෑන් රථ රියදුරෙකු අගලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ වෑන් රථය ඇඟලුම් ආයතනයක සේවය කරන සේවිකාවක් ප්‍රවාහන කරන වෑන් රථයක් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
අදාළ සැකකරු මතුගම මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.