මහාද්වීපයේ දේශසීමා වෙත පැමිණෙන සංක්‍රමණිකයන් ගැන ග්‍රනාඩා සමුළුවේදී අවධානය

මහාද්වීපයේ දේශසීමා වෙත පැමිණෙන සංක්‍රමණිකයන් ගැන ග්‍රනාඩා සමුළුවේදී අවධානය

මහාද්වීපයේ දේශසීමා වෙත පැමිණෙන අක්‍රමවත් සංක්‍රමණිකයන් සංඛ්‍යාව මැඩපැවැත්වීමට වඩාත් සම්බන්ධීකරණ යුරෝපීය ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා එක්සත් රාජධානියේ අගමැති රිෂි සුනක් ග්‍රනාඩා සමුළුවේදී ඉල්ලා සිටිනු ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

ස්පාඤ්ඤයේ පැවැත්වෙන යුරෝපීය නායකයින්ගේ ග්‍රනාඩා සමුළුවේදී රිෂි සුනක් මේ පිළිබඳව අදහස් දක්වනු ඇති බවයි පැවසෙන්නේ

මිනිස් ජාවාරම්කරුවන්ට එරෙහිව කටයුතු කිරීම සහ දේශසීමා දැඩි කිරීම පිළිබඳව ද එහිදී අවධානය යොමු කරනු ඇති

ඉතාලියේ අගමැති ජෝර්ජියා මෙලෝනි සමග යුරෝපීය නායකයින්ගේ සමුළුවේදී රිෂි සුනක් සම-ප්‍රධානත්වය දරනු ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

යුරෝපා සංගම් සහ යුරෝපා සංගම් නොවන නායකයින් 47 දෙනෙකුගෙන් යුත් මෙම සමුළුව පසුගිය වසරේ රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමග පිහිටුවන ලද නව ආයතනයක් වන යුරෝපීය දේශපාලන ප්‍රජාව ලෙස හඳුන්වනු ලබන රැස්වීමකි.

එහි ප්‍රධාන අවධානය යුද්ධය ගැන සාකච්ඡා කිරීම නමුත් නායකයින්ට වඩා පුළුල්, අවිධිමත් සාකච්ඡා පැවැත්වීමේ අවස්ථාවක් ද උදා වනවා

 

Share This