මහින්දගේ ආරක්ෂක නිලධාරී නෙවිල් 31 දක්වා රිමාන්ඩ්

මහින්දගේ ආරක්ෂක නිලධාරී නෙවිල් 31 දක්වා රිමාන්ඩ්

රුපියල් මිලියන 28 ක වත්කම් සහ දේපළ අයථා ලෙස උපයා ගත් බවට සැකපිට අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි ඔක්තෝබර් මස 31 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේ අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වා ඉදිරිදින වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට නියම කළා.

Share This