
මළ සිරුරු දෙකක් හමු වූ තංගල්ල සීනිමෝදර ඉඩමේ තිබූ ලොරි රථයක අයිස් මත්ද්‍රව්‍ය
තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ නිවසක තිබී අභිරහස් ලෙස මරණයට පත් වූ මළ සිරුරු දෙකක් හමුවිමත් සමග පසුව කරන ලද විමර්ශනවලදී එම නිවස පිහිට ඉඩමෙහි නවතා තිබූ ලොරි රථයක ඉතා සූක්ෂම අයුරින් සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් තොගයක් පොලිසිය සොයාගෙන තිබෙනවා.
ආරංචි මාර්ග පැවසුවේ මේ වන විට දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කර ඇති බවයි.
