මාතෘ හා ළමා රෝහලකට රුසියානු ගුවන් ප්‍රහාරයක් (VIDEO)
Mariupol නගරයේ මාතෘ හා ළමා රෝහලකට රුසියානු ගුවන් ප්‍රහාරයක් එල්ලවී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා
අවම වශයෙන් පුද්ගලයින් 17 දෙනෙකුට තුවාල සිදුව ඇති බවයි පැවසෙන්නේ
යුක්රේන ජනාධිපති Volodymyr Zelensky පවසන්නේ රුසියානු සමූහාණ්ඩුව, රෝහල් සහ මාතෘ රෝහල්වලට පවා බියවී පහර දෙන බවයි .
ජනාධිපති Volodymyr Zelensky වැඩිදුරටත් සඳහන් කරන්නේ මිනිසුන් සුන්බුන් යට සිරවී ඇති බවත් , ප්‍රහාරය යුද අපරාධයක් ලෙස දකින බවයි
Mariupol වරාය නගරය ඇතුළත් ඩොනෙට්ස්ක් ප්‍රාදේශීය පරිපාලනයේ ප්‍රධානී Pavlo Kyrylenko පැවසුවේ කිසිදු මරණයක් තහවුරු වී නොමැති බවත් ළමුන් අතර තහවුරු වූ තුවාල කිසිවක් නොමැති බවත්ය
Mariupol දින කිහිපයක් රුසියානු හමුදා විසින් වට කර ඇති අතර සිවිල් වැසියන්ට පිටව යාමට ඉඩ දීම සඳහා සටන් විරාමයක් පවතින අතරතුරදී මෙම ප්‍රහාරය සිදුව තිබෙන බවයි පැවසෙන්නේ
මුළු නගරයම විදුලිය, ජලය, ආහාර, කිසිවක් නොමැතිව පවතින අතර විජලනය හේතුවෙන් මිනිසුන් මිය යමින් සිටින බවත් වාර්තා වී තිබෙනවා
නියෝජ්‍ය නගරාධිපති ඔර්ලොව් පවසා තිබෙන්නේ රුසියාව බෝම්බ හෙලීම ආරම්භ කළ දා සිට නගරයේ අවම වශයෙන් සිවිල් වැසියන් 1,170 ක් මිය ගොස් ඇති බවයි .
එම සංඛ්‍යා ස්වාධීනව තහවුරු කර නොමැති නමුත් පුද්ගලයින් 47 දෙනෙකු සමූහ මිනීවළක මිහිදන් කළ බවත් සඳහන්.
;