
මාදුරු ඔය උද්‍යානයේ හිසට වෙඩි වැදුනු ඇතින්නක් ජීවිත්ක්ෂයට
මාදුරුඔය ජාතික උද්‍යානයේ , මාදුරුඔය ජලාශය ආසන්නයේ දැකැත්ත නැමැති ප්‍රදේශයේ හිසට වෙඩි වැදුණු අවුරුදු 15 ක් පමණ වයසති ඇතින්නියක්
මියගොස් ඇති බව හේනානිගල වනජීවි කාර්යාලයේ නිලධාරීන් පවසනවා.
මාදුරුඔය ජලාශය ආසන්නයේ දැකැත්ත නැමැති ප්‍රදේශයේ වනජීවි නිලධාරීන් කංඩායමක් කළ නිරික්ෂණයේ දී වෙඩි වැදී මියගොස් ඇති අතින්නිය හමුවි තිබෙනවා.
හේනානිගල වනජීවි කාර්යාලයේ නිලධාරීන් සැක පළ කරන්නේ අඩි 6 පමණ උසති අවුරුදු 15 පමණ වයසැති මෙම ඇතින්න මිට දින දෙක තුනකට පමණ ඉහතදී මියගොස් ඇති බවත් අතින්නියගේ හිසට වෙඩි වැදී තුවාල ලබා මිය යන්නට ඇති බවටයි.