මාධ්‍යට නිකුත් වූ හිටපු ජනපතිගේ ගමන්මගේ නවතම ඡායාරූප

මාධ්‍යට නිකුත් වූ හිටපු ජනපතිගේ ගමන්මගේ නවතම ඡායාරූප

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තායිලන්තයට ළඟා වී ඇති බව වාර්තා වනවා.

එසේම එහිදී ලබාගත් බව කියන ඡායාරූප කිහිපයක් ද නිකුත් වී තිබෙන්නේ සමාජ මාධ්‍ය හරහායි.

සිංගප්පූරුවේ රැදී සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේයි තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව ගොස් තිබුණේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාට තම රටට ඇතුලු‍ වීම සඳහා අවසර ලබා දී ඇත්තේ මානුෂීය හේතුන් මත බවත් වෙනත් රටක ස්ථිර රැකවරණය ලබාගන්නා තුරු ඔහුට තාවකාලිකව රැඳී සිටිය හැකි බවත් තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ද මිට පෙර ප්‍රකාශ කර තිබුණා.

 

Share This