මාමන්ඩියගේ වායු රයිපල් වෙඩිල්ලෙන් වැඩතහනම් වූ පොලිස් බෑණා මරුතුරුලට

මාමන්ඩියගේ වායු රයිපල් වෙඩිල්ලෙන් වැඩතහනම් වූ පොලිස් බෑණා මරුතුරුලට

ගලෙන්බිඳුනුවැව පොලිස්වසමට අයත් ඉහළගම – ගලෙන්බිඳුනුවැව වී ගබඩාව ආසන්නයේ නිවසක අද දින අලුයම්කාලයේදී සිදුවූ වායු රයිෆල් වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගලෙන්බිඳුනුවැව පොලිසිය පවසන්නේ මෙලෙස මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ ඉහළගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 57 ක වැඩ තහනමකට ලක්වු පොලිස් නිළධාරියෙකු බවයි.

මෙම මරණකරු විසින් අද අලුයම් කාලයේදී බිරිඳගේ පියාගේ නිවසට පැමිණ ආරවුලක් ඇති කරගෙන ඇති බවටත් එම අවස්ථාවේ මරණකරුගේ බිරිඳ සහ ළමුන් දෙදෙනෙකු ද සිට ඇති බවටත් වාර්තා වනවා.

මෙම මරණකරු කැත්තකින් බිරිඳට පහරදීමට තැත් කිරීමට යාමේදී බිරිඳගේ පියා විසින් නිවසේ තිබු වායු රයිපලයෙන් වෙඩි තැබු බවටයි පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ.

අනතුරුව මෙම මියගිය පුද්ගලයාගේ වැඩිමහල් පුත්‍රයා විසින් 1990 ගිලන් රථයක ආධාරයෙන් ගලෙන්බිඳුනුවැව ප්‍රාදේශීය රෝහල වෙත ඔහු ඇතුළත් කර තිබෙනවා.

පසුව මියගොස් ඇති එම පුද්ගලයා මියගොස් ඇති අතර කහටගස්දිගිලිය වැඩබලන මහේස්ත්‍රාත්වරයා අද එම සිදුවීම වූ ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂණය සිදුකළා.

වෙඩි තැබූ බව කියන වයස අවුරුදු 77 ක් වන පුද්ගලයා සහ වායුරයිෆලය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Share This