
මාරක රිය අනතුරු 944ක් – පුද්ගලයින් 1007 දෙනෙකු මරුට
මෙම වසරේ ගත වූ කාලය තුළ මාරක රිය අනතුරු 944ක් සිදුව ඇති බව පොලීසිය පවසනවා
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ ඉන් පුද්ගලයින් 1007 දෙනෙකු මිය ගොස් ඇති බවයි
එමෙන්ම පසුගිය ජනවාරි 01 වැනිදා සිට ඊයේ (18) දිනය දක්වා බීමත් රියදුරන් 26,413 නීතිය හමුවට ගෙනැවිත් ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ
මීට අමතරව අපරික්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් 1377ට නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා