මාලඹේ, අරංගල මගුරුඇළට මෝටර් රථයක් පෙරළි දෙදෙනෙකුට තුවාල

මාලඹේ, අරංගල මගුරුඇළට මෝටර් රථයක් පෙරළි දෙදෙනෙකුට තුවාල

මාලඹේ, අරංගල මගුරුඇළට මෝටර් රථයක් පෙරළි දෙදෙනෙකු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුලත් කර තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ අතුරුගිරිය දෙස සිට මාලඹේ දෙසට පැමිණි මෝටර් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙසේ ඇළට පෙරළී ඇති බවයි.

අළුයම දෙකට පමණ අනතුර සිදුවී ඇති අතර අනතුරින් තුවාල ලැබූ දෙදෙනා කඩිනමින්ම රෝහල් ගත කිරීමට ප්‍රදේශවාසීන් හා පොලිසිය කටයුතු කර තිබුණා.

රියදුරුගේ අපරීක්ෂාකාරී රිය ධාවනය මෙම අනතුරට හේතුවන්නට ඇතැයි පොලිසිය සැක පළ කරනවා.

Share This