මාස ගණනාවකට පසු ප්‍රසිද්ධ හමුවකට ආ කේට් කුමරිය (VIDEO)

මාස ගණනාවකට පසු ප්‍රසිද්ධ හමුවකට ආ කේට් කුමරිය (VIDEO)

එක්සත් රාජධානියේ කේට් කුමරිය පිළිකා රෝගය ගැන නිවේදනය කිරීමෙන් පසු පළමු වරට ප්‍රසිද්ධ හමුවකට පැමිණ තිබෙනවා.

ඒ අනුව බ්‍රිතාන්‍යයේ තුන්වන වන චාල්ස් රජුගේ නිල උපන්දිනය සැමරීම සඳහා මධ්‍යම ලන්ඩනයේ පැවති හමුදා පෙළපාලියක් නැරඹීමට වේල්ස් කුමරිය පැමිණි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

42 හැවිරිදි කේට් කුමරිය පසුගිය වසරේ නත්තල් දින දේව මෙහෙයෙන් පසු ප්‍රසිද්ධියේ පෙනී සිටියේ නැහැ.

ඊයේ(14) සවස කේට් කුමරිය කියා සිටියේ ඇය ප්‍රතිකාරවලින් මේ වනවිට හොඳ ප්‍රගතියක් ලබා ඇති බවයි.

Share This