මැඩගස්කරයේ තෙරපීමකින් 13ක් මරුට

මැඩගස්කරයේ තෙරපීමකින් 13ක් මරුට

මැඩගස්කරයේ ක්‍රීඩා උළෙලක සමාරම්භක අවස්ථාවකදී සිදුවූ තෙරපීමකින් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තිබෙනවා.

මෙම සිදුවීමෙන් තවත් 108 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එරට Antananarivo අගනුවර පැවති අදාළ ක්‍රීඩා උළෙලට පුද්ගලයින් 50,000කට ආසන්න පිරිසක් සහභාගී වී ඇති බව සඳහන්.

කෙසේවෙතත් මියගිය සහ තුවාල ලැබූ අයගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි එරට බලධාරීන් සඳහන් කර ඇත්තේ.

තුවාල ලැබූ පුද්ගලයින්ට රජය විසින් වෛද්‍ය පහසුකම් සැපයීම සිදු කරන අතර මියගිය අය වෙනුවෙන් එරට ජනාධිපති Andry Rajoelina සිය ශෝකය පළ කර තිබෙනවා.

Share This