
මැණික් වලින් ඩොලර් බිළියනයක් හොයන හැටි
මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රයෙන් ලැබෙන අපනයන ආදායම ඩොලර් බිලියනයක් දක්වා ඉහළ දැමීමට සැලසුම් කර ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.
රත්නපුර, පැල්මඩුලලේදී ආරම්භ වූ ‘ජෙම් සිටි රත්නපුර – 2025’ ජාත්‍යන්තර මැණික් ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළා.
ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ජාත්‍යන්තරයට රැගෙන යාමේ අරමුණින් සංවිධාන කළ ජෙම් සිටි රත්නපුර – 2025 ප්‍රදර්ශනය ඊයේ (15) පැල්මඬුල්ල ග්‍රෑන්ඩ් සිල්වර් හෝටලයේදී ආරම්භ වුණා.
ප්‍රදර්ශනය ආරම්භ කෙරුණේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු ආරාධිතයින්ගේ සහභාගීත්වයෙන්.
ශ්‍රී ලංකාව මැණීක් හා ස්වර්ණාභරණ ක්ෂේත්රයේ ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ලබා සිටියද අපේක්ෂිත මට්ටමට අපනයන වර්ධනයක් සිදුව නොමැති බවයි කර්මාන්ත අමාත්‍යංශය පවසන්නේ.
ඒ අනුව ලෝකයේ මැණික් හා ස්වර්ණාභරණ වෙළඳපොලක් ලෙස නැවත ඉදිරියට යාමේ අපේක්ෂාවෙන් යුතුව මෙම ප්‍රදර්ශනය සංවිධාන කර තිබෙනවා.
මැණික් කැණීම්, මැණික් සැකසීම, පරීක්ෂණාගාර ක්‍රමවේද මෙන්ම කර්මාන්තය පිළිබඳ පුහුණු කිරීමේ පාඨමාලාද ඇතුළත්ව මෙම ප්‍රදර්ශනය සංවිධාන කර තිබෙනවා.
ප්‍රදර්ශනය නැරඹීම සඳහා අමෙරිකාව, ඉන්දියාව, චීනය, ස්විස්ටර්ලන්තය, තායිලන්තය, පාකිස්ථානය ඇතුළු රටවල් රැසකින් විදෙස් සංචාරකයින් පැමිණ සිටීමද විශේෂත්වයක්.
මේ අතර මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රයේ රජයට අයත් පළමු වෙබ් අඩවිය වන www.gemcityrathnapura.com වෙබ් අඩවිය එළිදැක්වීමද මෙහිදී සිදු කෙරුණා.