මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දීමක්

මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දීමක්

පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වූ සභිකයින්ගේ තොරතුරු කඩිනමින් ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් ඉල්ලීමක් කර තිබෙනවා

එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසුවේ අදාළ තොරතුරු ලැබුණු විගස සභිකයින්ගේ නම් පළාත් පාලන ආයතන අනුව ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා බවයි

එමෙන්ම පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළ ආදායම්, වියදම් භාරනොදුන් සියලු අපේක්ෂකයින්, දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ලබන 27ට පෙර එම වාර්තා ලබාදිය යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් දැනුම් දෙන්නේ

Share This