මැතිවරණ පැවැත්වීමට සුදානමක් නැහැ – රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් (VIDEO)

මැතිවරණ පැවැත්වීමට සුදානමක් නැහැ – රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් (VIDEO)

රටේ පවත්නා තත්ත්වය යටතේ මැතිවරණයක් පැවැත්වීමේ හැකියාවක් නොමැති බව, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතා පවසනවා.

හැටන් ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක් වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවා.

මේ අතර රට ගැන සිතා කටයුතු කරන්නේ නම් ඉදිරියේදී ඡන්ද පැවැත්වීමේ අවශ්‍යතාවක් නොමැති බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.

එමෙන්ම රට වෙනුවෙන් කැප වී කටයුතු කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සියලු දෙනා සහයෝගය දැක්විය යුතු බව ද හිමියන් එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Share This