“මැතිවරණය ජාතික අවශ්‍යතාවයක් නෙමෙයි” – පාකිස්ථාන මුදල් ඇමති කියයි

“මැතිවරණය ජාතික අවශ්‍යතාවයක් නෙමෙයි” – පාකිස්ථාන මුදල් ඇමති කියයි

රට තුළ නිර්මාණය වී ඇති තත්ත්වය හමුවේ ප්‍රාන්ත මැතිවරණයක් පැවැත්වීම ජාතික අවශ්‍යතාවයක් නොවන බව පාකිස්ථාන මුදල් අමාත්‍ය Ishaq Dar පවසනවා.

මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇති අතර එම ප්‍රකාශය සම්බන්ධයෙන් බොහෝ පිරිසකගේ අවධානය මේ වන විට යොමුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රාන්ත මැතිවරණය පැවැත්විය යුතු බවට තීන්දුවක් ලබාදී ඇති අවස්ථාවක එරට මුදල් අමාත්‍යවරයා විසින් මෙම ප්‍රකාශය සිදු කිරීම විශේෂත්වයක් වනවා.

රට තුළ පවතින ආරක්ෂක තත්ත්වය සහ ආර්ථික ව්‍යාකූලත්වය හමුවේ ප්‍රාන්ත මැතිවරණයක් පැවැත්වීම ජාතික අවශ්‍යතාවයක් නොවන බවයි ඔහු පෙන්වා දී ඇත්තේ.

Share This