මැතිසභය නියෝජනය කළ ‘මාධ්‍යවේදියා’ දිවි ගමන නිම කරයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වූ අධිනීතීඥ බුද්ධික කුරුකුලරත්න මහතා අභාවප්‍රාප්ත වුණා.
මියයන විට 78 හැවිරිදි වියේ පසු වූ ඔහු ගාල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස 1989 වසරේ දී පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර 1994 වසර දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කළා.
1966 දී ජනතා පුවත්පතේ කර්තෘ මණ්ඩලයට එක් වූ ඔහු ඉරිදා ලක්බිම පුවත්පත සඳහා ලියූ ‘අම්බලන්ගොඩයා’ නම් ලිපි පෙළ පාඨකයන් අතර වඩාත් ජනප්‍රිය වුණා.
ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (10) පස්වරු 4ට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි.