මැද පෙරදිග තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට බ්ලින්කන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට

මැද පෙරදිග තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට බ්ලින්කන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට

මැද පෙරදිග තත්ත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් අද (24) නිව් යෝර්ක් නගරයට පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා

නිව්යෝර්ක් හි රැඳී සිටින කාලය අතරතුරදී එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා එක්සත් ජාතීන්ගේ නිලධාරීන්ද මෙන්ම රාජ්‍ය ත්‍රාන්තිකයින්ද හමුවනු ඇති

එමෙන්ම ඔහුගේ සංචාරය අතරතුර දී ප්‍රාණ ඇපකරුවන් පිළිබඳව මෙන්ම ඊශ්‍රායලයේ ගාසා ප්‍රහාරය පිළිබඳව මාධ්‍යවේදීන් සමග සාකච්ඡා කරනු ඇති බවයි පැවසෙන්නේ

පසුගිය මාසයේද ඇන්ටනි බ්ලින්කන් නිව් යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමක් අමතමින් යුක්‍රේනයේ යුද්ධය ගැන සාකච්ඡා කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Share This