මැද පෙරදිග රටවල් බොහොමයක් ඉන්දියාව සමග අමනාපයෙන්
ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ දේශපාලනඥයින් කිහිප දෙනෙකු විසින් ඉස්ලාම් ධර්මයට සහ මුහම්මද් නබිතුමන්ට අපහාස වන අන්දමින් සිදු කළ බව කියන ප්‍රකාශයක් හේතුවෙන් මේ වන විට බොහෝ මැද පෙරදිග රටවල් ඉන්දියාවට එරෙහිව දැඩි මතවාදයක පැටළී සිටින බව වාර්තා වනවා.
උද්ගතව ඇති මෙම අර්බුදකාරී තත්වය හමුවේ ඇතැම් මැදපෙරදිග රටවල ඉන්දියාවෙ නිශ්පාදනය කෙරෙන භාණ්ඩ අලෙවියද වර්ජනය කර ඇති බව සඳහන්.
මේ අතර මුහම්මද් නබිතුමන්ට අපහාස කළ බවට චෝදනා කරමින් ඉන්දියාව තුළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දියත් කරන බවට අල්-කයිඩාහි අනුබද්ධ සංවිධානයක් විසින් දැනුම් දී ඇති බවද අද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා
ඒ අනුව දිල්ලි මුම්බායි ගුජරාට් සහ උත්තර් ප්‍රදේශ් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන බවට අල්කයිඩා සංවිධාන නියෝජිතයින් අනතුරු අඟවා ඇති බවයි පැවසෙන්නේ