මැදපෙරදිග රටවල් කිහිපයක් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වේගවත් කරයි

මැදපෙරදිග රටවල් කිහිපයක් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වේගවත් කරයි

මැදපෙරදිග රටවල් කිහිපයක් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වේගවත් කළ බැවින් 2022 වසරේ දී ගෝලීය වශයෙන් වාර්තා වූ මරණ දණ්ඩන ප්‍රමාණය වසර පහක් තුළ ඉහළම අනුපාතයක් වාර්තා කළ බව Amnesty International සංවිධානය විසින් නිකුත් කළ වාර්තාවක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසනවා

වාර්ෂික සමාලෝචනයට අනුව 2021 ට සාපේක්ෂව 53% ක වැඩිවීමක් සනිටුහන් කරමින් රටවල් 20 ක් පුරා පුද්ගලයින් 883 දෙනෙකු මරණයට පත් කර ඇති බවයි එහි සඳහන් වන්නේ

එමෙන්ම ඉරානය, සෞදි අරාබිය සහ ඊජිප්තුව පමණක් එම මරණවලින් 90% ක් ක්‍රියාත්මක කර තිබෙනවා

මරණ දණ්ඩනය පිළිබඳ දත්ත චීනයේ වර්ගීකරණය කර ඇති අතර, ඒ අනුව එරට තුළ මරණ දණ්ඩනයට පත් කරන ලද සංඛ්‍යාව පිළිබඳව නිවැරදි තක්සේරුවක් කිරීමට නොහැකිවූ බවයි Amnesty වාර්තාවේ දැක්වෙන්නේ

උතුරු කොරියාව, වියට්නාමය, සිරියාව සහ ඇෆ්ගනිස්තානය යන රටවල මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළ නමුත් විශ්වාස කළ හැකි අවම සංඛ්‍යා ලේඛන සැපයීමට ඔවුන් සතුව ප්‍රමාණවත් තොරතුරු නොමැති බවද පැවසෙනවා

Amnesty වාර්තාවට අනුව, පසුගිය වසරේ ලොව පුරා මරණ දණ්ඩනය තියුණු ලෙස වැඩිවීමට ප්‍රධාන වශයෙන් වගකිවයුත්තේ ඉරානය සහ සෞදි අරාබියයි.

2021 දී ඉරානය මිනිසුන් 576ක් මරණයට පත් කළ බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ

සෞදි අරාබිය, 2021 දී 65 කට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කර ඇති අතර 2022 දී එය196 දක්වා වැඩි කර තිබෙනවා

පසුගිය වසරේ ඊජිප්තුවේ පුද්ගලයන් 24 දෙනෙකු මරණයට පත් කර ඇති අතර ඉරාකය 11ක් , කුවේට් 7ක් , පලස්තීන ප්‍රදේශවලදී 5ක් , යේමනය 4ක් වශයෙන් මරණ දණ්ඩන ක්‍රියාත්මක කර ඇති බවට වාර්තා වනවා

Share This