
මැයි මාසයේ උද්ධමනය ඉහළ යයි
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2025 මැයි මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය අද ප්‍රකාශයට පත් කළා.
ඒ අනුව මේ වසරේ අප්‍රේල් මාසයේ දී – 0.8% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය මැයි මාසය සඳහා 0.6% ක් දක්වා වැඩි වී තිබෙනවා.
මේ වසරේ අප්‍රේල් මාසයේ දී 2.9 % ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය මැයි මාසයේ දී 5.9% ක් දක්වා වැඩි වුණා.
එමෙන්ම, අප්‍රේල් මාසයේ දී -3.7 % ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය මැයි මාසයේ දී -3.4% ක් දක්වා වැඩි වී ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළා.