මෑත ඉතිහාසයේ සිදු කරනු ලැබූ විශාලතම මහා පරිමාණ අනවසර පතල් කැණීම වටලයි
වසර ගණනාවක් පුරා මහා පරිමාණ යන්ත්‍ර සූත්‍ර යොදාගනිමින් රත්නපුර පහළ එරබැද්ද වේ ගගෙහි, එකට ගැටුම නම් ස්ථානය කේන්ද්‍ර කර ගනිමින් කණ්ඩායම් ගණනාවක් විසින් පවත්වාගෙන යනු ලැබූ අනවසර පතල් කැණීමක් කහවත්ත පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් සහ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් වැටලීමට සමත්ව තිබෙනවා.
එහිදී කැණීම් සදහා භාවිතා කරනු ලැබූ උපකරණ සහ පුද්ගලයන් 20 අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇති බව සඳහන්.
මෙහි විශේෂත්වය වන්නේ, මින් පෙර අවස්ථා ගණනාවකදී මෙම ස්ථානය වැටලීමට උත්සාහ කළද එම අවස්ථාවන් තුළ පැවති දේශපාලන අධිකාරියේ මැදිහත්වීම සහ බලපෑම මත එම සියලු වැටලීම් සහ එම අනවසර ක්‍රියාවලිය නතර කිරීම සදහා ගනු ලැබූ සියලු උත්සාහයන් අසාර්ථක වීමයි.
නමුත් මෙවර කිසිඳු දේශපාලන මැදිහත් වීමකින් තොරව මෙම මහා පරිමාණ කැණීම වැටලීමට බලධාරීන් සමත්ව තිබෙනවා.
අත්අඩංගුවට ගනු ලැබූ භාණ්ඩ අතර,
ගඟ පතුලෙහි මැණික් ඉල්ලම් උකහා ගැනීමට භාවිතා කරන නවීන ඇදුම් යන්ත්‍ර 03ක්,
ගඟ පතුලෙහි කිමිදීම සදහා භාවිතා කරන වායු පීඩන යන්ත්‍ර සහ ඊට අදාළ උපාංග 07ක්,
යන්ත්‍ර සුත්‍ර ජලය මත තබා ගැනීම සදහා භාවිතා කරන බැරල් බෝට්ටු 02ක්,
විදුලි ජනන යන්ත්‍ර 03ක්,
විදුලි දොබකර 03 ක් තිබුණු බව සඳහන්.