මිතුරෙකුට පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සිසුන් සිව්දෙනෙක් අත්අඩංගුවට

මිතුරෙකුට පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සිසුන් සිව්දෙනෙක් අත්අඩංගුවට

අමෙරිකාවේ Las Vegasහි උසස් පාසලක පන්තියේ මිතුරෙකුට පහර දී ඝාතනය කළ බවට උසස් පාසල් සිසුන් හතර දෙනෙකුට මිනීමැරුම් චෝදනා එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

17 හැවිරිදි Jonathan Lewis, ඔහුගේ පාසල අසලදී සිදුවූ ගැටුමකින් පසු මියගොස් තිබෙනවා.

එහිදී ඔහුගේ පන්තියේ මිතුරන් 10 දෙනෙකු පමණ ඔහුට පහර දී ඇති බවයි සඳහන් වන්නේ.

පොලීසිය පැවසුවේ, මේ වන විට සිසුන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මිනීමැරුම් චෝදනාවට ලක්වන සිසුන් හතර දෙනා වයස අවුරුදු 18 ට අඩු නමුත් Nevada නීතිය යටතේ වැඩිහිටියන් ලෙස නඩු පවරා තිබෙනවා.

මේ වනවිට අදාළ සිසුන් සියලුදෙනා අත්අඩංගුවේ පසුවන අතර Nevada නීතිය යටතේ විත්තිකරුවන්ට වසර 10 සිට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This