
මිද්දෙණිය නගරයේ දී කුඩු ජාවරම් කරන දේශපාලකයින්ට එරෙහි විරෝධතාවක්
රට පුරා පැතිරිලා තිබෙන මත්ද්‍රව්‍යව උවදුරට එරෙහිව අද (08) විරෝධතාවයක් මිද්දෙණියේ බස් නැවතුම්පල ඉදිරිපිට දී පැවැත් වුණා.
පසුගිය රජයේ දේශපාලනඥයන් රට පුරා කුඩු ජාවාරම සහ පාතාලයට සහයෝගය දක්වමින් රටේ අනාගත පරපුර විනාශ කරමින් සිටි බවට විරෝධතාකරුවන් චෝදනා කරනවා.
වර්තමානය වන විට ජනාධිපතිතුමා සහ ආරක්ෂක අංශය ගෙනයන වැඩපිළිවෙළ හමුවේ මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවන් නීතියේ රැහැණට කොටු කර ඔවුන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස රජයට බල කරමින් මෙම විරෝධතාවය පැවැත් වුණා.
මේ සඳහා ප්‍රදේශයේ විශාල පිරිසක් සහභාගී වී සිටියා.