මිද්දෙණියෙන් වෙඩි වැදී මිය ගිය තරුණයන් දෙදෙනෙකුගේ මළ සිරුරු

මිද්දෙණියෙන් වෙඩි වැදී මිය ගිය තරුණයන් දෙදෙනෙකුගේ මළ සිරුරු

මිද්දෙණිය – තෝරකොළයාය – තේක්කවත්ත ප්‍රදේශයේ තිබී වෙඩි වැදී මිය ගිය තරුණයන් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා.

අදාළ වෙඩි තැබීම ඊයේ රාත්‍රියේ සිදුව ඇති බවට සැකකරන අතර එලෙස ඝාතනය වී ඇත්තේ අවුරුදු 25ත් – 30ක් අතර වයස්වල පසුවන තරුණයින් දෙදෙනෙකු බවයි අප කළ විමසීමකදී මිද්දෙණිය පොලීසිය සඳහන් කළේ.

පිස්තෝල උණ්ඩ කොපු කිහිපයක් සහ ඝාතනය වූ තරුණයින් දෙදෙනා ගමන් ගත් බවට සැක කෙරෙන යතුරුපැදියක් ද එම ස්ථානයේ තිබී සොයාගෙන තිබෙනවා.

අදාළ තරුණයින් දෙදෙනා වෙඩිතබා ඝාතනය කිරීම කුමන හේතුවක් මත කවුරුන් විසින් සිදුකර ඇත්ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

මේ වනවිට අදාල සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශණයක්ද ක්‍රියාත්මක අතර ඒ අනුව වෙඩි තැබීම සිදු වූ ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ පරීක්ෂණ කණ්ඩායම් තුනක් ද පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි මිද්දෙණිය පොලිසිය සඳහන් කළේ.

Share This