
මිද්දෙණියෙන් හමුවූ රසායනික ද්‍රව්‍ය සාම්පලවල අයිස් නිෂ්පාදනයට අදාළ මෙතැම්පිටමින් අඩංගුයි
මිද්දෙණියෙන් හමුවූ රසායනික ද්‍රව්‍ය සාම්පල බහුතරයක අයිස් නිෂ්පාදනයට අදාළ මෙතැම්පිටමින් (Methamphetamine) අඩංගු බවට තහවුරු වී තිබෙනවා
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියා
ඒ අනුව ලබා ගත් සාම්පල 20න් 17ක අදාළ මෙතැම්පිටමින් (Methamphetamine) අඩංගු බවටයි පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ
එම තොරතුරු ඇතුළත් වාර්තාව බස්නාහිර පළාත් (උතුර) අපරාධ කොට්ඨාසයට භාර දී ඇති බව සඳහන්.
ඊට අදාළ නිවේදනය පහතින්