
මින්නේරිය සී.පී.පුර වෑන් රථයක් විදුලි කණුවක ගැටී ප්‍රදේශයට අද අළුයම විදුලිය විසන්ධි වෙලා
මින්නේරිය සී.පී.පුර ප්‍රදේශයේදී වෑන් රථයක් විදුලි කණුවක ගැටීමෙන් අද අලුයම ප්‍රදේශයේ විදුලිය විසන්ධි වී තිබෙනවා.
අලුයම 1.30 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථය කොළඹ සිට මඩකලපුව කරා ධාවනය වෙමින් පැවති බව අප වාර්තාකරු සඳහන් කළා.
වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රතිවිරුද්ධ දිශාවේ මාර්ගය ආසන්නයේ පිහිටි විදුලි කණුවක ගැටී මෙන් රියදුරු සුළු තුවාල ලබා තිබෙනවා.
අප වාර්තාකරු පැව්සුවේ අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථය ප්‍රතිකාර සදහා රෝගියෙකු කොළඹ රෝහලකට රැගෙන ගොස් නැවත සිය නිවෙස් බලා ගමන් කරන අතර තුර බවයි.
