මිනිස් ජාවාරමක් ගැන සැකයක් මත රඳවාගත් ගත් ගුවන් යානය ප්‍රංශයෙන් පිටව යයි

මිනිස් ජාවාරමක් ගැන සැකයක් මත රඳවාගත් ගත් ගුවන් යානය ප්‍රංශයෙන් පිටව යයි

මිනිස් ජාවාරමක් සම්බන්ධයෙන් මතු වූ සැකයක් මත ඊසානදිග ප්‍රංශයේ ගුවන් තොටුපොළක රඳවා ගත් ගුවන් යානය සිව් දිනකට පසු පිටව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඒ අනුව එම ගුවන් යානය පිටව ගොස් ඇත්තේ ඉන්දීය ජාතිකයින් 275 දෙනෙකු සමගිනුයි

එයාර්බස් ඒ 340 නමැති එම ගුවන් යානය බ්‍රහස්පතින්දා දිනයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට නිකරගුවාව වෙත මගීන් 303 දෙනෙකු රැගෙන පියාසර කරමින් තිබුණා

යානයේ සිටි දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් පිරිසක් ප්‍රංශයේ සරණාගතභාවය ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

Share This