මිනිසුන් කුසගින්නෙන් මිය යන බවට වන චෝදනා ඉතියෝපියානු අගමැති ප්‍රතික්ෂේප කරයි

මිනිසුන් කුසගින්නෙන් මිය යන බවට වන චෝදනා ඉතියෝපියානු අගමැති ප්‍රතික්ෂේප කරයි

ආහාර අර්බුදයක් සමග පොරබදමින් සිටින ගැටුම්වලින් පීඩාවට පත් Tigray සහ Amhara ප්‍රදේශවල මිනිසුන් කුසගින්නෙන් මිය යන බවට වන චෝදනා ඉතියෝපියානු අගමැති Abiy Ahmed ප්‍රතික්ෂේප කරනවා.

ඉතියෝපියානු අගමැති Abiy Ahmed නීති සම්පාදකයින්ට පවසා ඇත්තේ ඉතියෝපියාවේ කුසගින්න නිසා මිය යන මිනිසුන් නැති බවයි

කෙසේ වෙතත්, මන්දපෝෂණය හා සම්බන්ධ රෝග හේතුවෙන් මිනිසුන් මිය යන්නට ඇති බවයි ඔහු පවසන්නේ

Tigray, Amhara සහ Oromia ඇතුළු රටේ ප්‍රදේශ කිහිපයක ජනතාවට නියඟය බලපාන බව පිළිගත් අගමැතිවරයා අපි මෙම ප්‍රශ්නය දේශපාලනීකරණය කිරීමෙන් වැළකිය යුතු බවට අනතුරු අඟවනවා

පසුගිය මාසයේ, රජය විසින් පත් කරන ලද ෆෙඩරල් ඔම්බුඩ්ස්මන් ආයතනය පැවසුවේ, Tigray සහ Amhara හි උතුරු ප්‍රදේශවල 400 කට ආසන්න පිරිසක් සාගින්නෙන් මිය ගොස් ඇති බවයි.

මේ අතර වඩාත්ම අවදානමට ලක්විය හැකි අයට ප්‍රමාණවත් තරම් මානුෂීය ආධාර ලබා නොදීම ගැන ඉතියෝපියානු මානව හිමිකම් කවුන්සිලය (EHRC) ෆෙඩරල් සහ ප්‍රාදේශීය ආණ්ඩුවලට දොස් පවරා තිබෙනවා

ගැටුම්, නියඟය සහ ගංවතුර හේතුවෙන් ඉතියෝපියාවේ මිලියන 20ක පමණ ජනතාවකට ආහාර ආධාර අවශ්‍යවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

Share This