මිනීමැරුම් චෝදනාවකට ලයිබීරියාවේ හිටපු අගවිනිසුරුවරයාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

මිනීමැරුම් චෝදනාවකට ලයිබීරියාවේ හිටපු අගවිනිසුරුවරයාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

ලයිබීරියාවේ හිටපු අගවිනිසුරු Gloria Musu Scott සහ ඇයගේ පවුලේ සාමාජිකයින් තිදෙනෙකුට මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා

පසුගිය වසරේ ජුනි මාසයේදී Gloria Musu Scottගේ ලේලිය වූ Charlotte Musuගේ මරණය සම්බන්ධයෙන් ඔවුන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන අධිචෝදනා ගොනු කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී වයඹදිග ලයිබීරියාවේ Brewervilleහිදී Gloria Musu Scottගේ නිවසේදී Charlotteව නාඳුනන පුද්ගලයින් විසින් ඝාතනය කර තිබුණා

කෙසේවෙතත් හිටපු අගවිනිසුරුවරයා පවසා ඇත්තේ අනවසරයෙන් නිවසට ඇතුළුවූවන් පහර දී තම ලේලිය මරා දැමූ බවයි.

නමුත් මාස පහක නඩු විභාගයකින් පසු, අගනුවර වන මොන්රෝවියා හි උසාවිය පසුගිය මාසයේ Charlotteගේ ඝාතනය සම්බන්ධයෙන් ඇය සහ පවුලේ සාමාජිකයන් තිදෙනා වැරදිකරුවන් බවට තීරණය කර තිබෙනවා

මෙම සිව්දෙනා කුමන්ත්‍රණ කිරීම සහ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට ව්‍යාජ තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් ද වැරදිකරුවන් වූ අතර නඩු විභාගය පුරාවටම විත්තිකරුවන් තම නිර්දෝෂීභාවය පවත්වා ගෙන ගොස් අධිචෝදනා පත්‍රයට නිවැරදිකරු බවටද ප්‍රකාශ කර තිබුණා

නමුත් අධිකරණය ප්‍රකාශ කළේ පැමිණිල්ලේ සාක්‍ෂි බලගතු බැවින් එම සිව් දෙනාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළ බවයි.

ලයිබීරියාව පසුගිය වසරේ ජූලි මාසයේදී මරණ දඬුවම අහෝසි කළ බවද විදෙස් මාධ්‍ය පවසනවා

මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව Gloria Musu Scottගේ නීතීඥයෝ පවසනවා

Gloria Musu Scott 1997 වසරේ සිට 2003 වසර දක්වා ලයිබීරියාවේ අගවිනිසුරු ලෙස සේවය කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා

Share This