
මියගිය පිරිස 474 ක් – අතුරුදන් වූවන් 356 ක් – බලපෑමට ලක් වූ පවුල් ගණන ලක්ෂ 15 ඉක්මවයි
පැවති ආපදා තත්ත්වය හේතුවෙන් අද උදෑසන 9.00 වන විට පවුල් 448,817 කට අයත් පුද්ගලයින් 1,586,329 බලපෑමට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළා.
මේ වන විට ආපදා හේතුවෙන් මියගිය පිරිස ගණන් බලා ඇත්තේ 474 ක් ලෙසයි.
පුද්ගලයින් 356 දෙනකු අතුරුදන්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථනට සඳහන් කළා.
පූර්ණ නිවාස හානි 971 ක් වාර්තා වී ඇති අතර අර්ධ හානි වූ නිවාස ගණන 40,358 ක්.
මේ වන විට සුරක්ෂිතතා මධ්‍යස්ථාන 1385 ක් පවුල් 53,758 කට අයත් පුද්ගලයි 201, 875 කට අයත් රැඳී සිටිනවා.
ජාතික ආපදා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් නීතිඥ ජයතිස්ස මුණසිංහ මහතා පැවසුවේ නිවාස පිරිසිදු කර ගැනීම සඳහා මෙතෙක් ලබා දී තිබූ රු. 10,000 ක මුදල ජනාධිපතිවරයාගේ උපදෙස් මත රු. 25,000 දක්වා ඉහළ දැමූ බවයි.
කඩිනමින් මෙම සහන ලබාදීමට දැනුවත් කර ඇතැයි ද ඔහු පැවසුවා.
