මියන්මායේ ප්‍රහාරයකින් 30කට වැඩි පිරිසක් මරුට

මියන්මායේ ප්‍රහාරයකින් 30කට වැඩි පිරිසක් මරුට

මියන්මාරයේ දකුණු ෂාන් ප්‍රාන්තයේ ආරාමයක සිටි තිස් දෙනෙකුට වැඩි පිරිසක් ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

වසර දෙකකට පෙර මියන්මාර හමුදාව කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගැනීමෙන් පසු මියන්මාරයේ මිලිටරි සහ සන්නද්ධ කණ්ඩායම් අතර මාරාන්තික සටන් වර්ධනය වෙමින් පවතිනවා

පසුගිය සෙනසුරාදා හමුදාව විසින් ආරාමයක් තුළ සැඟවී සිටි ගම්වැසියන් පිරිසක් ඝාතනය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව අවම වශයෙන් සිවිල් වැසියන් 30 දෙනෙකු සහ බෞද්ධ භික්ෂූන් වහන්සේලා තිදෙනෙකු ඝාතනය කර ඇති බවයි පැවසෙන්නේ

මියන්මාරයේ දිගින් දිගටම පවතින මෙම සටන් හේතුවෙන් මිලියන එකහමාරක ජනතාවක් අවතැන් වී ඇති අතර නිවාස 40,000 ක් විනාශ වී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

දරුවන් මිලියන අටක් තවදුරටත් පාසල් අධ්‍යාපනය නොලබන අතර මිලියන 15 ක ජනතාවක් ආහාර හිඟයෙන් පෙළෙන බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සඳහන් කර තිබෙනවා.

Share This