
මියන්මාර බෞද්ධ උත්සවයකට පැරග්ලයිඩරයක් බෝම්බ හෙළා 24 කට වැඩි පිරිසක් මරුට
මියන්මාර බෞද්ධ උත්සවයකට පැරග්ලයිඩරයක් බෝම්බ හෙළීමෙන් අවම වශයෙන් 24 දෙනෙකු මිය ගොස් 47 ක් තුවාල ලබා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා.
මෝටර් පැරග්ලයිඩරයක් මගින් බෝම්බ දෙකක් මියන්මාර හමුදා රජයට එරෙහිව විරෝධතා දැක්වූ ජනතාව මත හෙළීමෙන් මෙම මරණ සිදු වූ බව පිටුවහල් රජයේ ප්‍රකාශකයෙක් බීබීසී බුරුම සේවයට පවසා තිබෙනවා.
ජාතික නිවාඩුවක් සඳහා මධ්‍යම මියන්මාරයේ චාවුං යූ නගරයේ 100 ක් පමණ රැස්ව සිටියදී පසුගිය සඳුදා සවස හමුදාව ප්‍රහාරය එල්ල කර ඇතැයි සඳහන්.
2021 දී මියන්මාර හමුදාව බලය අල්ලා ගත් දා සිට දහස් ගණනක් මිය ගොස් මිලියන ගණනක් අවතැන් වී සිටින අතර, සන්නද්ධ ප්‍රතිරෝධක කණ්ඩායම් සහ වාර්ගික මිලීෂියා පිරිස් සමඟ සිවිල් යුද්ධයක් ඇති වුණා.
රටෙන් අඩකට වඩා පාලනය අහිමි වීමෙන් පසු, විශේෂයෙන් ලේ වැකි ගුවන් ප්‍රහාර සහ දරුණු බෝම්බ හෙලීම් හරහා හමුදාව නැවතත් සැලකිය යුතු ජයග්‍රහණ ලබා ගනිමින් සිටින බව ද වාර්තා වනවා.