මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල රඳවා සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල රඳවා සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

මියන්මාර මිනිස් ජාවාරම්කරුවන්ගෙන් ග්‍රහණයේ සිටි කාන්තාවන් 08ක් ඇතුළු 27 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් අද (16) දිවයිනට පැමිණ තිබෙනවා

ඒ අනුව ඔවුන් අද පස්වරුවේ බැංකොක් සිට කටුනායකට පැමිණි ශ්‍රීලංකන් ගුවන් යානයෙන් ඔවුන් දිවයිනට පැමිණි ඇති බව සඳහන්

එම කණ්ඩායම විශේෂ ගේට්ටුවකින් ඔවුන් පදිංචි ස්ථාන කරා ආරක්ෂිතව රැගෙන යාමට කටයුතු කර තිබුණා

මිනිස් ජාවාරම්කරුවන්ගෙන් මුදාගත් කණ්ඩායම නීති විරෝධී සයිබර් අපරාධ මෙහෙයුම්වලට සම්බන්ධ මිනිස් ජාවාරම්වලට ගොදුරුවී සිටි බවයි වාර්තා වන්නේ

මේ අතර තවත් 14 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මියන්මාරයේ මිනිස් ජාවාරම්කරුවන්ගෙන් ග්‍රහණයේ සිටින බවට වාර්තා වන අතර ඔවුන් ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු යොදන ලෙසත් අමාත්‍ය විජිත හේරත් මහතා උපදෙස් දී තිබෙනවා

නව රජය පත් වීමෙන් පසු මියන්මාරයේ මිනිස් ජාවාරම් කඳවුරුවල සිර වී සිටි 63ක් දිවයිනට පැමිණ ඇති බව සඳහන්

Share This