මියන්මාර හමුදා ගුවන් ප්‍රහාරයෙන් පුද්ගලයින් 100කට වැඩි පිරිසක් මරුට

මියන්මාර හමුදා ගුවන් ප්‍රහාරයෙන් පුද්ගලයින් 100කට වැඩි පිරිසක් මරුට

මියන්මාර හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන් පුද්ගලයින් 100කට වැඩි පිරිසක් මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

පසුගිය 2021 වසරේ පෙබරවාරි මාසයේ දී කුමන්ත්‍රණයක් මගින් මියන්මාර පාලන බලය අත්පත් කර ගැනීමෙන් පසු හමුදාව සහ සිවිල් වැසියන් අතර ගැටුම් ආරම්භ වූ අතර මෙම ප්‍රහාරයත් සමග තත්ත්වය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය විය හැකි බව ද එම වාර්තා සඳහන් කළා

වයඹ දිග Sagaing කලාපයේ ගම්මානයක් ඉලක්ක කර ගනිමින් ඊයේ (11) එල්ල වූ ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හෙළා දැක තිබෙනවා

එමෙන්ම 2021 වසරේ පෙබරවාරි මාසයේ සිට පසුගිය ජනවාරි මාසය දක්වා කාලය තුළ ගුවන් ප්‍රහාර 600 ක් පමණ එල්ල කිරීමට මියන්මාර හමුදා කටයුතු කර ඇති බව සඳහන්

Share This