මියන්මාරයේ අවතැන්වූවන් සිටින කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකින් 29ක් මරුට

මියන්මාරයේ අවතැන්වූවන් සිටින කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකින් 29ක් මරුට

මියන්මාරයේ අවතැන්වූවන් සිටින කඳවුරකට කාලතුවක්කු ප්‍රහාරයක් එල්ලවීමෙන් කුඩා ළමුන් ඇතුළු 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

මෙම කඳවුර පිහිටා ඇත්තේ රටේ පාලක හමුදාවන්ට එරෙහිව සටන් කරන කැරලිකාර කණ්ඩායමක් වන කචින් නිදහස් හමුදාවේ (KIA) හමුදා කඳවුරකට ආසන්නයේයි .

කචින් නිදහස් හමුදාවේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ මියගිය සියලු දෙනා සිවිල් වැසියන් බවයි.

කඳවුරට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් බොහෝ දෙනා පවසා ඇත්තේ එය යුද අපරාධයක් සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් ලෙසයි

ඊයේ (09) රාත්‍රියේ ප්‍රහාරය එල්ල වී ඇති අතර මෙම ප්‍රදේශය කලක සිට ගැටුම්කාරී තත්ත්වයකට පත්ව තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා

කචින් නිදහස් හමුදාවේ (KIA ) කර්නල් Naw Bu BBC පුවත් සේවයට පවසා ඇත්තේ නවතම ප්‍රහාරයෙන් පුද්ගලයින් 56 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් 44 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බවයි.

Share This