මියන්මාරයේ ආණ්ඩුවත් මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණයේ පිහිට පතයි
මියන්මාරයේ හමුදා පාලන තන්ත්රය, මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය භාවිතා කරමින් මියන්මාරයේ ප්රජාතන්ත්රවාදී ක්‍රියාකාරීන් සහ ප්‍රතිරෝධී කණ්ඩායම් මර්ධනය කිරීමට කටයුතු කිරීමත් සමග ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ කනස්සල්ලක් මතුව තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
චීන තාක්ෂණ සමාගම් සතුව විවිධ කැමරා මගින් පොදු ස්ථානයන්හිදී මුහුණු සහ වාහන බලපත්‍ර තහඩු ස්වයංක්‍රීයව ස්කෑන් කිරීමට සමත් කෘතිම බුද්ධි තාක්ෂණය පවතින අතර ඒ හරහා අවශ්‍ය පුද්ගලයින් පිලිබදව බලධාරීන්ට දැනුම්දීම සිදු කෙරෙන බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
මෙය චීනයේ පුලුල් ලෙස ක්‍රියාත්මක අතර එම තාක්ෂණය මෙසේ මියන්මාර හමුදා ආණ්ඩුවද චීන සහයෙන් ක්‍රියාත්මක කරමින් සිටින බවටයි වාර්තා පළවී ඇත්තේ.
විශේෂඥයින්ට අනුව මෙම තාක්ෂණයට ප්‍රවේශය වැඩි වීම තුළින් මියන්මාරයේ හමුදා ආණ්ඩුවට විරුද්ධ ඕනෑම අයෙකුගේ ආරක්ෂාව සඳහා තර්ජනයක් ඇති කළ හැකි වනවා.
මාර්තු මාසයේදී මානව හිමිකම් සංවිධානය (HRW) විසින් මියන්මාරයේ චීනයේ නිෂ්පාදිත මුහුණු හඳුනාගැනීමේ පද්ධති භාවිතය පිළිබඳ වාර්තාවක් ද නිකුත් කළ අතර, එය මානව හිමිකම්වලට බරපතල තර්ජනයක් බවට ද අනතුරු අඟවනු ලැබුවා.
ඔවුන්ගේ වාර්තාවේ සදහන් වන්නේ 2020 දෙසැම්බර් මාසයේදී , මියන්මාරයේ හමුදා කුමන්ත්රණයකින් බලය අල්ලා ගැනීමට පෙර සිටම එරට නගර ගණනාවකම මෙම කැමරා පද්ධති සවිකර තිබූ බවයි.