මියන්මාරයේ කැරළි කණ්ඩායමකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් 50ක් මරුට

මියන්මාරයේ කැරළි කණ්ඩායමකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් 50ක් මරුට

මියන්මාරයේ ජනවාර්ගික කැරළි කණ්ඩායමක් ඉලක්ක කරගත් ගුවන් ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 50 දෙනෙකු මිය ගොස් 100 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

උතුරු මියන්මාරයේ කචින් ප්‍රාන්තයේ ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසා තිබෙන්නේ සංවිධානය කරන ලද ප්‍රසංගයකට ගුවන් යානයකින් බෝම්බ තුනක් හෙළූ බවයි.

ඝාතනයට ලක්වූවන් අතර ජනප්‍රිය ගායක ගායිකාවන් හතර දෙනෙකු සිටින බවට විශ්වාස කෙරෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Share This