මිරිහාන සිද්ධියේ දී බස් රථවලට ගිනි තැබූ තැනැත්තා සොයාගන්න පොලිසිය මහජන සහාය පතයි (වීඩියෝ)
පසුගිය 31 වනදා මිරිහාන පොලිස් වසමේ පරණ කොට්ටාව පාර පැඟිරිවත්ත පාර මංසන්ධියේ දී කලහකාරී ලෙස හැසිරෙමින් පොදු දේපලවලට අලාභ හානි සිදුකර ඒ අසල වූ බස් රථවලට සහ වෙනත් වාහනවලට ගිනි තබා අනර්ථයන් සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ද මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව එම සිදුවීම සිදුවන අවස්ථාවේ දී බස් රථ දෙකකට ගිනි තැබීමේ සිද්ධියට අදාල සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහාය පතනවා.
එම අවස්ථාවේ ලබාගත් සී.සී.ටී.වී. දර්ශන ඇසුරින් බස් රථ ගිනි තබන ලද පුද්ගලයෙකුගේ රුවට සමානවන පරිදි අඳින ලද සිතුවමක් ද පොලීසිය විසින් මේ වනවිට මාධ්‍ය වෙත මුදාහැර තිබෙනවා.
එම සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 071-8591755 / 071-8594929 / 011-2444265 යන දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
සැකකරුගේ රුවට සමානවන පරිදි අඳින ලද සිතුවම පහතින්..