
මිලියන 5 ක මත්ද්‍රව්‍ය ජාලයක් අල්ලයි
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් සිදුකළ වැටලීමකදී රුපියල් ලක්ෂ පනහක පමණ වටිනාකමින් යුත් හෙරොයින් ග්‍රෑම් 250 මත්ද්‍රව්‍ය අලෙවියෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් ලක්ෂ පහක්, ජංගම දුරකථනයක් සමඟ කාන්තාවක සහ පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කහතුඩුව ප්‍රදේශයේ පදිංචි (47) හැවිරිදි පින්තාරුකරුවකු බවත්, සැකකාරිය එඬේරමුල්ලේ පදිංචි (28) හැවිරිදි කාන්තාවක් බවත් පොලිසිය සදහන් කළා.
මෙම සැකකරු සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන ඇති අතර එම ජාලයන් උපයා ගත් බවට සැකකෙරෙන මුදල් බැංකු ගත කිරීමේ කටයුතු සිදුකර ඇත්තේ මෙම කාන්තාව විසින් බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
ඒ සඳහා අදාල කාන්තාව සන්තකයේ තිබූ ලක්ෂ පහක් පොලිස් භාරයට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරම ජා – ඇල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් පවත්වාගෙන යන බවත්, පිළියන්දල – මොරටුව – ගල්කිස්ස – දෙහිවල – බොරලැස්ගමුව – කැස්බෑව ඇතුළු ප්‍රදේශ කිහිපයකට සැකකාර යුවළ බෙදා හැර ඇති බවටත් තොරතුරු අනාවරණය වී තිබෙනවා.