මිසයිල බලය ගැන අනාවරණයක්

මිසයිල බලය ගැන අනාවරණයක්

ඉන්දියාව සතුව විවිධ පරාසයන් සහිත විවිධ වර්ගයේ මිසයිල ඇති බව එරට ආරක්ෂක අමාත්‍යවරයාගේ විද්‍යාත්මක උපදේශක සතීෂ් රෙඩ්ඩි පවසන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

එරට හමුදාව මිසයල බලයෙන් සන්නද්ධ බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

ඉන්දියාව සතු හැකියාවන් යොදා ගනිමින් සාර්ථක මිසයිල මෙන්ම තාක්ෂණික නිවහනක් බිහි කරන බව ද ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ විද්‍යාත්මක උපදේශක සතීෂ් රෙඩ්ඩි පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මිසයිල බලයෙන් ශක්තිමත් සියලු තාක්ෂණයන් සහ හැකියාවන් ඇති පළමු රටවල් අතර ඉන්දියාව ද සිටින බවයි සතීෂ් රෙඩ්ඩි අවධාරණය කර ඇත්තේ.

Share This