මී කඩන්න ගොස් වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙක් මරුට

මී කඩන්න ගොස් වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙක් මරුට

මී වද කැඩීම සඳහා වනය තුළට පිවිසි දෙදෙනෙකුගෙන් එක් අයෙකුට වන අලියෙකු පහර දී එම ස්ථානයේදීම ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ එක් අයකු දිව ගොස් දිව ගොස් දිවි බේරාගෙන ඇති බවයි.

මෙසේ මියගොස් ඇත්තේ දෙවරක් කෝට්ටේ ගෙදර ප්‍රසන්න(67) නමැති තිදරු පියක්.

මොහු සහ තවත් අයෙකු ගස් බෙනවල ඇති මී වද කැඩීම සඳහා අද දහවල් කාලයේ කන්තලේ, පේරමඩු ගම්මානය අසල ඇති වනයට ඇතුළු වී තිබෙනවා.

අසල පඳුරක සැඟව සිටි වන අලියකු දෙදෙනා පසුපස එළවා තිබෙන අතර එහිදී ඉන් එක අයෙකුට අලියා පහරදී ඇතැයි සදහන්.

පසුව අග්බෝපුර පොලිසිය සහ කන්තලේ අඩවි වන ආරක්ෂක කණ්ඩායම් දැනුවත් කිරීමෙන් පසු ගමේ කීප දෙනෙකුද සමග වන අලි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා සොයා වනය තුළට ගිය පිරිසට අලි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයාගේ මළ සිරු‍ර හමුවී තිබෙනවා.

 

Share This