
මුදල් වෙනුවෙන් තමන්ගේ මහළු මව – පියා පාරට දැමූ නරුම පුතෙක්
තම එකම පුතුගේ ත්‍රිරෝද රථය බේරා ගැනීමට මුදල් සොයානොදීම නිසා තමන්ට පහරදී නිවසෙන් පන්නා දැමූ බව පවසන වයෝවෘද්ධ මවක් සහ පියෙක් තිහාරිය නගරයේ මාර්ගයක් අසල සිටින බවට පුවතක් වාර්තා වුණා.
තිහාරිය නගරයේ දක්නට ලැබෙන මෙම වයෝවෘද්ධ මව සහ පියා පවසන්නේ ඔවුන් කලකලගෙඩිහේන ප්‍රදේශයේ පදිංචි අය බවයි.
තම එකම පුත්‍රයා ගේ ත්‍රිරෝද රථය ණය වාරික නොගෙවීම නිසා එම මූල්‍ය ආයතනයෙන් රැගෙන යාම නිසා ත්‍රිරෝද රථය නැවත ලබා ගැනීමට තවත් රුපියල් ලක්ෂයක මුදලක් අවශ්‍ය බවත් එම මුදල් ඉල්ලා තමන්ට පහර දෙන නිසා නිවසින් පැමිණි බවයි.
කුලී වැඩක් කර සිය අවසන් කාලය ජීවිතය ගෙවන මෙම මහළු පියාගේ වයස අවුරුදු 86 වන අතර මව 73 න් හැවිරිදි වියේ පසුවනවා.
ඔවුන් මේ පිළිබඳව පොලීසිය දැනුවත් කර නැත්තේ පුතු පොලීසියෙන් රැගෙන ගියහොත් ඔහුගේ දරුවන් දෙදෙනා සහ බිරිඳ කරදරයට පත්වන නිසයි.
මුදල් නොදුන් නිසා කෝපයට පත් පුත්‍රයා මෙම දෙදෙනාගේ ජංගම දුරකථනයද කඩා බිඳ පහරදී නිවසින් පන්නා ගත් බව ජීවිතයේ සැඳෑවිය ගෙවන මේ අසරණ දෙමාපියන් පවසනවා.
ඔවුන් දෙදෙනා ද ජීවත්ව ඇත්තේ කුලී වැඩ කරමින් බවයි මෙම වැඩිහිටි දෙපළ පවසන්නේ.
ලෝක වැඩිහිටි දිනය ගතකර සිව් දිනක් ගතවන්නටත් පෙර අපට අසන්නට ලැබුණ මේ කතාව යලිත් පවසන්නේ මව් – පිය සෙනෙහස කොතරම් අමානුෂික කම් හමුවේ වුවද දියවී නොයන බවයි.
දඬුවම් දී සමාජය හදාගන්නට ඕනෑ යැයි උදේ, හවය අවි අමෝරණ ඇතැම් ගුරු – විදුහල්පතිවරුන් හා පැවිදි පක්ෂය මේ ඔවුන් දඬුවම් කර හැදූ සමාජය දැයි නොඅසා සිටින්නට බැරි වන්නේ නාසයෙන් උඩටම ගිලුනු සමාජයකට තමන්ගේ ආසාවන් සමාජ ගත කරන්නට කරන හදන උත්සාහය දකින විටයි.
මුදල් සොයන ආර්ථිකයක සමාජ වටිනාකම් පසුපස යන පරපුටුවන් බෝකල සමාජය යලි ආපසු හැරවීම පහසු නැති බවට මේ හොඳම උදාහරණයක් බව යලිත් සිහිපත් කළ යුතුය.