මුම්බායි හි මහල් 7ක ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නෙන් 7ක් මරුට – 40කට වැඩි පිරිසකට තුවාල

මුම්බායි හි මහල් 7ක ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නෙන් 7ක් මරුට – 40කට වැඩි පිරිසකට තුවාල

මුම්බායි හි Goregaon හි මහල් 7කින් යුත් ගොඩනැගිල්ලක අද (06) ඇති වූ දැවැන්ත ගින්නකින් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් 40 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා

එම ගොඩනැගිල්ලේ අද (06) අළුයම 3 ට පමණ ගින්න හටගෙන ඇති බවයි පැවසෙන්නේ

තුවාල ලැබූවන් මුම්බායි හි රෝහල් වෙත රැගෙන ගොස් තිබෙනවා

ගින්නෙන් මියගිය පුද්ගලයන් හත් දෙනාගෙන් දෙදෙනෙකු බාලවයස්කරුවන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

තුවාල ලැබූ පුද්ගලයින් 40 දෙනාගෙන් 12 දෙනෙකු පිරිමින් බවත් 28 දෙනෙකු කාන්තාවන් බවත්, එක් බාලවයස්කරුවෙකු ද සිටින බවත් සඳහන්

විමර්ශන ආරම්භ කර ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ

Share This