මුහුණු ආවරණ නිසාත් කොවිඩ් පැතිරිය හැකියි – මේ ගැනත් සිතන්න
කොරෝනා වෛරසයෙන් බේරීම සඳහා අනිවාර්යයෙන් පැලඳිය යුතු මුහුණු ආවරණ නිසාම කොරෝනා පැතිරීමේ අවදානමක් පවතින බවට පරිසරවේදිනී ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය අනතුරු අඟවනවා.
ඇය පෙන්වා දෙන්නේ රෝහල්වල මෙන්ම පෞද්ගලිකවද භාවිත කරන මුහුණු ආවරණ, ආරක්ෂිත ඇඳුම් සහ අත් ආවරණ විනාශ කිරීමේ නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවන බවයි.
මේ හේතුවෙන් පාවිච්චි කරන ලද මුහුණු ආවරණ පරිසරයට මුදාහැරීම නිසා කොරෝනා වයිරසය පැතිරීමේ අවදානමක් ඇතැයි ඇය මාධ්‍ය වෙත සඳහන් කර තිබෙනවා.
ඇය පෙන්වා දුන්නේ නිවාසවලින් ඉවතලන මුහුණු ආවරණ පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය කළමනාකරණ වැඩපිළිවෙළ යටතේ රැගෙන යන අතර අපද්‍රව්‍ය කළමනාකරණ සේවකයන්ද වෛරසයට නිරාවරණය වීමේ අවදානමක් පවතින බවයි.