මුහුදු පතුලෙන් රෝහලක සහ සුසානයක නටඹුන් හමුවෙයි

මුහුදු පතුලෙන් රෝහලක සහ සුසානයක නටඹුන් හමුවෙයි

19 වන සියවසට අයත් යැයි සැලකෙන රෝහලක සහ සුසාන භූමියක නටඹුන් මුහුදු පතුලෙන් කිමිදුම්කරුවන් කණ්ඩායමක් විසින් සොයාගෙන තිබෙනවා

අමෙරිකාවේ Florida Keys හි Dry Tortugas ජාතික වනෝද්‍යානයට ඔබ්බෙන් වූ මුහුදු පතුලෙන් මෙම නටඹුන් සොයා ගෙන ඇති බව සඳහන්.

1890 සිට 1900 දක්වා කාලය තුළ කහ උණ වැළසුණු රෝගීන් නිරෝධායනය සඳහා අදාළ ස්ථානය භාවිතා කරන්නට ඇති බවයි පුරාවිද්‍යාඥයන් විශ්වාසය පළ කරන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ මෙම සොහොන ජෝන් ග්‍රීර් නම් සිවිල් වැසියෙකුට අයත් එකක් වන අතර ඔහු වෙරළබඩ හමුදා කඳවුරක කිමිදුම්කරුවෙකු ලෙස සේවය කර 1861 නොවැම්බර් 5 වන දින මිය ගිය බවට එම ස්ථානයේ තිබී හමු වූ ගල් කුළුණේ සඳහන්ව ඇති බවයි.

එම ජාතික වනෝද්‍යානය කිලෝමීටර් 160 ක් පුරා පැතිර ඇති අතර ෆ්ලොරිඩා කීස් හි දූපත් කිහිපයකින් සමන්විත වනවා.

Share This