මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනපතිගෙන් උපදෙස්

මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනපතිගෙන් උපදෙස්

රටේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම හා කාර්යක්ෂම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදුන්නේ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ අද (12) පැවති සාකච්ඡාවකදී.

රටේ මූල්‍ය තත්ත්වය ස්ථාවර කිරීමට ස්වාධීන ආයතනයක් ලෙස මහ බැංකුව විසින් ගතයුතු සෑම පියවරක්ම ගන්නා ලෙසද ඊට රජයේ සහයෝගය හා පහසුකම් සැලසීම සිදුකරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

බැංකු මූල්‍ය කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා මනා යාන්ත්‍රණයක් ඇති කිරීමට කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

ආර්ථිකයෙහි සහ මූල්‍ය පද්ධතියෙහි වර්ධනයන් සමස්තයක් ලෙස සමීපව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව මහ බැංකුව විසින් මූල්‍ය ස්ථායිතාව සහ මූල්‍ය පද්ධතියේ ඔරොත්තු දීමේ හැකියාව සහතික කිරීම සඳහා නව ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට මෙහිදී අවධානය යොමුව තිබෙනවා.

එමෙන්ම මූල්‍ය පද්ධතිය තුළ පවතින සාර්ව විචක්ෂණ ප්‍රතිපත්ති තවදුරටත් බලාත්මක කිරීමට ද මෙහිදී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

ආර්ථිකය ස්ථාවර වීමත් සමඟ වත්කම්වල ගුණාත්මක භාවයෙහි ආරක්‍ෂිත වර්ධනයන් සහ විචක්ෂණශීලී ලෙස අවදානම් කළමනාකරණය කර ගනිමින් ප්‍රාග්ධනය ගොඩනැගීමත් සමඟ ඉදිරි මූල්‍ය පද්ධතියේ යහපත් කාර්ය සාධනයක් මෙමඟින් අපේක්ෂා කරන බව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Share This