මෙක්සිකාවේ මත්ද්‍රව්‍ය රජුගේ පුත් අත්අඩංගුවට -29ක් මරුට(VIDEO)

මෙක්සිකාවේ මත්ද්‍රව්‍ය රජුගේ පුත් අත්අඩංගුවට -29ක් මරුට(VIDEO)

මෙක්සිකානු මත්ද්‍රව්‍ය රජු ලෙස හඳුන්වන “El Chapo” ගේ පුත් Ovidio Guzmán-López අත්අඩංගුවට ගැනීම සඳහා සිදු කළ මෙහෙයුමේදී අවම වශයෙන් පුද්ගලයින් 29 දෙනෙකු මිය ගිය බව මෙක්සිකානු බලධාරීහු පවසා තිබෙනවා

Ovidio Guzmán-López අත්අඩංගුවට ගැනීමෙන් පසු කෝපාවිෂ්ඨ වූ කල්ලි සාමාජිකයින් මාර්ග බාධක තබමින්, වාහන දුසිම් ගණනකට ගිනි තබා ඇති අතර ප්‍රාදේශීය ගුවන් තොටුපලකදී ගුවන්  යානාවලට පහරදී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

තවත් හමුදා සාමාජිකයින් 35 දෙනෙකු තුවාල ලබා ඇති අතර තුවක්කුකරුවන් 21 දෙනෙකු අත්අඩංගුවට ගත් බව එරට ආරක්ෂක අමාත්‍ය Luis Cresencio Sandoval පවසා තිබෙනවා

ලොව විශාලතම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන සංවිධානයක් වන ඔහුගේ පියාගේ කුප්‍රකට සිනලෝවා කාටෙල් කණ්ඩායමකට නායකත්වය දීම සම්බන්ධයෙන් Ovidio Guzmán-López චෝදනා එල්ල වන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

ඔහුගේ පියා, Joaquín “El Chapo” Guzmán, 2019 දී මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් වැරදිකරු වීමෙන් පසු එක්සත් ජනපදයේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිමින් සිටින බවද විදෙස් මාධ්‍ය පවසනවා

මෙක්සිකානු ජනාධිපති Andrés López Obrador පැවසුවේ මෙක්සිකානු හමුදා සිවිල් ජනතාව රැකබලා ගැනීමට සහ අහිංසක වින්දිතයින් වළක්වා ගැනීමට වගකීමෙන් ක්‍රියා කර ඇති බවත් සිවිල් මරණ කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති බවත්ය

දැනට පවතින ආරක්ෂක පියවරයන්ට සහාය වීම සඳහා තවත් භට පිරිසක් 1000ක් සිනාලෝවා වෙත යවා තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා

මේ අතර එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ලබන සතියේ උතුරු ඇමරිකානු නායක සමුළුවක් සඳහා මෙක්සිකෝවට පැමිණීමට නියමිත බවද විදෙස් මාධ්‍ය පවසනවා

 

Share This