මෙක්සිකෝවේ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක ගින්නක් – සෞඛ්‍ය අනතුරු ඇඟවීම් නිකුත් කරයි (VIDEO)

මෙක්සිකෝවේ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක ගින්නක් – සෞඛ්‍ය අනතුරු ඇඟවීම් නිකුත් කරයි (VIDEO)

මෙක්සිකෝවේ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක විශාල ගින්නක් ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

නිව් මෙක්සිකෝවේ ඇල්බකර්ක් හි ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ කම්හලක මෙම ගින්න ඇතිව තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

ගින්නනිවා දැමීම සඳහා ගිනි නිවන භටයින් උත්සාහ කරමින් සිටින අතර ජිවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බවද සඳහන්

ගින්නෙන් ප්ලාස්ටික් දැවීමෙන් ඇතිව ඇති දුමාරයයේ අන්තරායකර වායු දූෂක අඩංගු වන බැවින් ප්‍රාදේශීය නිලධාරීන් සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්ද නිකුත් කර තිබෙනවා

ගිනිකොනදිග ඇල්බර්ක් සහ දකුණු නිම්නයේ කොටස් හරහා දුමාරය හමා යන බැවින් එළිමහන් ක්‍රියාකාරකම්වල නොයෙදන ලෙස බලධාරීන් ජනතාවට දැනුම් දී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This