
මෙටා සමාගම බාල වයස්කාර Instagram ගිනුම් අධීක්ෂණ පාලකය ලංකාවේ වැඩිහිටියන් අතට දෙන්නට තීරණය කරයි
Instagram සඳහා වන දෙමාපිය අධික්ෂණ යෙදවුම මෙටා සමාගම විසින් නිල වශයෙන් ලංකාවට හදුන්වා දී තිබෙනවා
මෙටා සමාගම විසින් ශ්‍රී ලංකාවේ යොවුන් ඉන්ස්ටර්ග්‍රෑම් ගිනුම් සදහා දෙමාපිය අධීක්ෂණ යෙදවුම සක්‍රිය කිරීම පිළිබද නිවේදනය කර තිබෙනවා.
ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාගේ හමුවක දී මෙම තීරණය ගෙන ඇති අතර මෙට සමාගම විසින් ඉන්ස්ටර්ග්‍රෑම් යොවුන් ගිනුම් අධික්ෂණය සදහා වන යෙදවුම් මගින් තම දරුවන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ක්‍රියාකාරකම් වැඩි අධික්ෂණයක් දෙමාපියන්ට ලබාදෙන යෙදවුමක් වේ.
මෙම නව විශේෂාංගය වයසවුරුදු 13 සහ 17 දක්වා ළමුන් සදහා නිර්මාණය කර තිබෙනවා.
එමගින් බුද්ධිමය පාලන කට්ටලයක් ඔස්සේ ආරක්ෂිත ඩිජිටල් කට්ටලයක් නිර්මාණය කිරීමට දෙමාපියන්ත සහ භාරකරුවන්ට අවස්ථාව හිමියි.

